Pinned Tweet
1/3
As Sinhala ppl is it enough to say Happy Pongal ?When are we going to connect with other communities by ❤️? How may of us know abt About Dr. Premala Sivasegaram, Sri Lanka's first female engineer, Nagalingam Ethirweerasingham, who gave Sri Lanka its first – at Dubai, United Arab Emirates
🔴Breaking......
The assault on Ishara caused internal bleeding in the brain! Post-mortem examination reveals!
Arrest the police officers!
CMB X activists are silent also.
#lka #npp #jvp #jepoo #gotagoyaya #aragalaya
#SriLanka has invited #Qatariinvestors to explore opportunities in tourism, industry and services, saying it has recovered from its 2022 economic crisis and is ready to welcome foreign capital.
“This is the time to come to Sri Lanka,” Wasantha Samarasinghe, Sri Lanka’s Minister of Trade, Commerce, Food Security & Cooperative Development told #DohaNews on Monday at the ninth World Investment Forum in #Doha. He urged Qatari and international investors to look at the country’s potential.
Samarasinghe acknowledged Sri Lanka’s past financial challenges and said improving political and economic stability is central to its efforts to attract investment. He called on Qatari investment funds, government institutions and businesses to take part.
He also pointed to Qatar’s Sri Lankan community of nearly 150,000 people.
Sri Lankan hotel @thekingsburylk leaked CCTV footage of individuals with a 3rd party, without permission.
But this is what their was says 😂🤦🏽♂️
So dont trust them
#lka #kingsbury #jeppo #srilanka #srilankahotel
New tourism minister redesigning Srilankan Tourism.. Well played
#Sigiriya
Sajith ❤️👇🏽
සජිත් මඩට තිබ්බ කකුල...
නිකම් හිතන්න අර දැන් සතියකට විතර ඉස්සර අර සියඹලන්ගමුව කුඹුරක කාවන්තිස්ස වැටිලා හිටපු තැනට සජිත් තිබ්බ අඩිය ගැන. ඒ මඩ වෙලා තිබ්බ කුඹුර ළඟට ගොඩක් අය ගියා අපි දැක්ක. ඒ අතර පරිසර ඇමතිතුමා ධම්මික පටබැඳි මහත්තයත් උන්න. වනජීවී එකේ ප්රතිකාර කරන අය සහ ගම්වැසියෝ සහ තවත් අය මඩ කුඹුරට බැස්ස. හැබැයි ටිකක් දේශපාලනයේ අපි දන්නා කියන අයගෙන් මඩ කාගෙන කුඹුරටම බැස්සේ සජිත් විතරයි.
මම හිතනවා ඔහු ඒ සියඹලන්ගමුව මඩ කුඹුරට තිබ්බ පය ඔහුගේ දේශපාලන ජීවිතය වෙනස් කරපු පියවරක් වෙන්න නියමිතයි කියල. ඔහු මිට කලිනුත් ඔය ඒදණ්ඩවල් වල අරහේ මෙහේ ගිහිල්ල තියනවා අවදානම අරගෙන. ඒ හින්ද මඩ කාලත් තියෙනවා. හැබැයි මේ පියවර විශේෂයි.
මේ පියවර තිබ්බේ ඔහු කාගෙන්වත් අහල නෙවෙයි. උපදේශකයෝ කියන හින්දත් නෙවෙයි. කැමරාවටත් නෙවෙයි. ඇතාට තිබ්බ ආදරේ නිසා ඔන්න ඔහේ තිබ්බ. ඇතාට උම්ම දුන්න. ආදරෙන් තට්ටුවක් දැම්ම. එතන ගැවසිල හිටිය. පස්සේ පාංශකූලේත් දුන්න. හැබැයි සියල්ල පටන්ගත්තේ අර මඩට තිබ්බ කකුලෙන්.
මම මේක ගන්නේ වෙනත් තැනකින්. ආදර්ශයක් විදියට. ඒ කියන්නේ අපිට යමක් ළඟට යන්න පුළුවන් උපරිමය ගිහිල්ල (ධම්මික ඇමතිතුමා වගේ) නතර වෙන තැනක් එනවනේ. ඊට පස්සේ යන්න ඕනි නැහැ. ඇත්තටම ආපු දුර ඇති ඒ වැඩේ හැටියට. අපේ හිත කියනවා දැන් ඇති කියල. ඒක හරි.
ඒ කියන්නේ ධම්මික ඇමතිතුමා ඇමතිවරයෙක් හැටියට රාජකාරිය ඇතුලේ ආපු දුර ඇති. ඉන් පස්සේ තවත් පොඩ්ඩක් ගියේ නැහැ කියල කවුරුත් මොනවත් කියන්නේ නැහැ. තමන්ගේ හිතට පවා ඒ දුර ඇති. වරදකාරී බවක් නැහැ.
හැබැයි මම ඔය විභාගේට පාඩම් කරන්න ළමයින්ට කියන්නේ ඔයාල උත්තරේ ලියල ලියල දැන් ඇති කියල හිතනවනේ. මහන්සිත් එක්කනේ. ඒ නිසා වැඩේට තිත තියන්න වෙලාව හරි කියල හිතෙනවා නේ. අන්න ඒ වෙලාවට තව පොඩ්ඩක් මහන්සි බලන්නේ නැතුව එක්කෝ තව පොඩ්ඩක් කරුණු ලියන්න බලන්න. නැත්නම් උත්තරේ ආයේ කියවන්න. ව්යාකරණ දිහා බලන්න. එඩිට් කරන්න. ඒ වගේ තවත් පොඩ්ඩක් දුර යන්න. ඔයාල හිතුවේවත් නැති තැනකට ඒ පොඩි අමතර මහන්සිය ඔයාල අරන් යාවි කියල.
ඔයා නතර වෙන්න හිතන තැනින් අනික් අයත් හිතන්නේ නතර වෙන්න තමයි. හැබැයි තව පොඩ්ඩක් යන්න පුළුවන් නම් යන්න. එතනින් තමයි ඔබ වෙනස් වෙන්නේ.
ගවේෂකයෙක් උනත් එහෙමයි. ගමනාන්තයට ඇවිල්ල ඉවරයි තමයි. හැකිනම් තවත් පොඩ්ඩක් යන්න බලන්න. සමහර විට අනික් කවුරුවත් නොසිතපු දෙයක් කරා ඔබ යනවා වෙන්න පුළුවන්.
නීල් ආමස්ට්රෝන් සඳ මත කකුල තියල තව පොඩ්ඩක් ගියා. කකුල තිබ්බ එකම ඇති. ඉතුරු ටික බෝනස්.
සජිත් ඒ මඩට තිබ්බ කකුල නිසා මිනිස්සු කවදාවත් නැති විදියට ඔහු ගැන කතා කළා. ඔහු කවුද කියල දැනගත්ත. වසර ගණනක් ලැබුනේ නැති ආදරයක් සහ අවධානයක් මේ තීරණාත්මක මොහොතේ ඔහු ලබාගත්ත. ඒ ඔක්කොම අර මඩට තිබ්බ කකුල නිසා ඔහුට ඔහුගේ දේශපාලන ජිවිතයේ ලැබෙන බෝනස්.
ඔය අමතර අඩිය සජිත් තුල හැමදාම තිබ්බ. හැබැයි හරියට පත්තු වුණේ මෙදා. ඒ අඩිය ඔස්සේ ඔහු මඬින් ගොඩ ආව.
දේශපාලඥයෝ කියන්නේ මහ අමතු ජාතියක් කියල මම හැමදාම කියන්නේ ඒකයි.
උපුටා ගැනීම :- Mahesh Hapugoda ගිණුමෙන්
#SajithPremadasa #srilanka #lka
Jinath Premaratne retweeted
Bimal Rathnayake to teach Muslim girls what to wear 😄
Why all these leftist fanatics including SLPP, JVP are obsessed with what other people eat & wear? 🤷🏻♂️
This guy is not a Buddhist, he is Nira Jeppa. Member of JVP youth council and NPP social media activist
#lka #npp #jvp
අපිට තිබ්බේ අරගලය ඇතුලේ @sajithpremadasa තියාගන්න....
අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම වෙන්න හේතුව උනේ එකක් ඔහු ඒ වෙද්දී 'සම්ප්රදායික දේශපාලනය' කියන දේ නියෝජනය කිරීම. අනික ඔහු අරගලයේ පරමාදර්ශ එක්ක සමපාත වෙන්නේ නැහැ කියන හැඟීම. මේ දෙකටම හේතු වෙච්ච සමහර කාරණා ඔහු තුලම ඇතැම් වෙලාවට තියෙන්න ඇති.
හැබැයි සජිත් කියන මනුස්සය කවුද කියන එක ගැන මේ ඉතාම මෑතක් වෙනතුරු පැහැදිලි සමාජ චිත්රයක් තිබ්බේ නැහැ කියල මම හිතනවා. එකක් තමයි ඔහු බලය වෙනුවෙන් 'ඕනෑම ගේමක්' ගහන කෙනෙක් නෙවෙයි කියන එකට මෛත්රිපාල ජනාධිපති වරයාගේ කාලේ වගේම ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලෙත් සාධක තිබ්බ.
බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කළා නම් මම හිතනවා මේ වෙද්දි ඔහු රටේ නායකයා වෙලා කියල.
ඒ වගේම මම හිතනවා ඔහු යම් විදියකට ඔහුගේම හෘද සාක්ෂියක් එක්ක ඔහුගේම රිද්මයකට වැඩ කරනවා කියල. ඒක මහා සමාජය ඇතුලේ ඔහු මාකට් කරන්න දඟලන්නෙත් නැති කෙනෙක්. ඒක දන්නා පිරිසක් ඔහුව අතහරින්නේ නැතුව ඔහු එක්ක ඉන්නවා.
සජිත්ගේ දේශපාලන නොවන ජීවිතය අතිශයින් පැහැදිලි වෙච්ච වෙලාවක් තමයි කාවන්තිස්ස ඇත් රජුගේ මරණය. ඒ ඔස්සේ ලංකාවේ සමාජය සජිත්ගේ දේශපාලනය ඇතුලේ මාකට් නොවුණු හැබැයි ඇත්තටම දේශපාලනික - සාංදෘෂ්ටික පැවැත්මේ කොටසක් සමාජයට නිරාවරණය වුනා. ඒ නිරාවරණය පවා ලොකු මාකට් කිරීමක කොටසක් හැටියට නෙවෙයි ආවේ. ඔහුගේ පරිසර - සත්ව - වනජීවී - චායාරූප ආදරයේ ආත්මීය පැවැත්මක කොටසක් හැටියට. මම හිතන්නේ අපි හැමෝටම ඒ සජිත්ගේ අපි දැක්කේ නැති එහෙත් වසර තිහක් තිස්සේ තිබ්බ ඇත්තම ඇත්ත වනජීවී - පරිසර සම්බන්දයක් සමාජගත උනා.
කාවන්තිස්ස අවසන් හුස්ම හෙලන්න කලින් ඔහු එතන කාටහරි මාධ්ය කරුවෙක්ට කතා කරනවා. එතැනදී ඔහු කියනවා 'එයාට කාවන්තිස්ස කියල නම තිබ්බෙත් මම මීට අවුරුදු තිහකට කලින්' කියල. මට ඒ වෙලාවේ මේ මනුස්සයා ගැන පුදුම හිතුණා.
ඒ එක්කම සජිත් කියනවා 'එයා හරි ලස්සන ඇතෙක්' කියල. මම කවදාවත් එහෙම 'එයා', 'ලස්සනයි' වගේ ආත්මීය වචන ඇතෙක් ගැන ලංකාවේ දේශපාලඥයෙක් කියනවා අහල තිබ්බේ නැහැ. එයා ඒක කියන්නේ ඇත්තටම ආත්මයෙන්.
මම කල්පනා කළා අරගලයෙන් පන්නපු - සම්ප්රදායික දේශපාලනය කියල එකක හිටපු - හැබැයි අපි නොදන්නා කොච්චර වෙනස් සහ විශාල සජිත් කෙනෙක් ඉඳල තියනවද කියල.
ඒ ඔස්සේ ඇත්තටම ලංකාවට නෙවෙයි ලෝකෙම අවධානයට ලක්වෙන්න ඕනි දේශපාලඥයෙක් විදියට අපිට ඔහුව පේන්න ගත්ත. මොකද විසි එක් වන සියවස ලියවිලා තියෙන්නේ පරිසර දේශපාලනයක් එක්ක. අද ලංකාවේ පවා විශාල පරිසර ප්රේමින් ප්රමාණයක් පාරට ඇවිල්ල තියෙනවා කාවන්තිස්ස වෙනුවෙන් සහ අනික් සියලු අලි ඇතුන් වෙනුවෙන්.
පරිසරය කියන්නේ අපේ රට පැත්තෙන් විශාල උරුමයක්. සහ විශාල මාකට් එකක්. පරිස්සමින් පාවිච්චි කළ යුතු.
සජිත් අනික් දේශපාලඥයෝ වගේ ආතතිගත දේශපාලඥයෙක් නොවෙන්නේ ඔහුට දේශපාලනයෙන් පස්සේ කරන්න තමන් ආදරය කරන 'වෙනත් ජීවිතයක්' (another life) තියන නිසා. ඒ කියන්නේ දේශපාලන ආතතියෙන් 'පසු බහින්න' (retreat) වෙනත් පැවැත්මක් ඔහු දන්නා නිසා. ඔහු යන්නේ කැලේට. කැමරාවක් එක්ක.
මම මගේ ජීවිත කාලේ අහල නොතිබ්බ 'වලස්කෙම ඇතා' 'සැන්ඩෝ' 'තිලක්' 'දළ පූට්ටුවා' ආදී වශයෙන් එකී මෙකී නොකී ඇත්තු ගණනක් ගැන සජිත් හරහා දැනගත්ත. ඒ තමයි එයාගේ ජීවිතේ. උඩවලවට ගියොත් දන්නා අය කියනවා ඔය දැනුත් සජිත් මහත්තය ඉඳල ගියේ කියල. ඔන්න ඔහොමයි එයාගේ ඇත්ත ජීවිතේ.
අපි වගේ ෆේස්බුක් පෝස්ට් දැකල ළඟ පිකප් වෙන අලි ප්රේමියෙක් නෙවෙයි සජිත්. ජීවිතෙන්ම එතන ඉන්න කෙනෙක්.
විසි එක් වෙනි සියවසේ පාරිසරික දේශපාලනය වෙනුවෙන් ඔහු ඉන්න ඕනි කෙනෙක්.
තවත් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල මම මෙහෙමත් ලියනවා.
මම දැන් හිතනවා සජිත් අරගලය ඇතුලේ තියාගන්න තිබ්බ කියල සහ අරගලයේ ඇතැම් අභිලාශ ඔහු ඔස්සේ පවා ඉටුකරගන්න තිබ්බ කියල. මොකද ඔහු මිනිස්සුන්ට සවන්දෙන කෙනෙක්. ඔහු අරගලයට එන්න ඇත්තේ ඇත්තටම කියලත් මට හිතෙනවා.
මොකද අරගලය ඇතුලේ හිටියෙත් සජිත් වගේ වෙනම දේවල් ටිකක් තිබ්බ මිනිස්සු.
ආචාර්ය මහේෂ් හපුගොඩ.
#lka #sjb #sajith #premadasa























